Ambassadors-of-10-foreign-countries-working-in-Sri-Lanka-from-India-meet-President

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. ඉන්දියාවේ නවදිල්ලියේ මොවුන්ගේ කාර්යාල පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ කටයුතු එරට සිට සිදු කරන අයයි.
අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

    Dr. Desire Boniface Some
    ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ බුර්කිනා ෆාසො තානාපති
    Mr. Haris Hrle
    හැරිස් හර්ලේ මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ බොස්නියාව සහ හර්සගොවිනා තානාපති
    Mr. Elchin Huseynli
    එල්චින් හුසෙයින්ලි මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ අසර්බයිජාන ජනරජයේ තානාපති
    Mr. Vakhtang Jaoshvili
    වක්ටන්ග් ජෝෂ්විලි මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ ජොර්ජියාවේ තානාපති
    Mr. Mikhal Kasko
    මිහයිල් කස්කො මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ බෙලරූස් ජනරජයේ තානාපති
    Mr. Vahagn Afyan


    වාහන් ආෆ්යාන් මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ ආමේනියා ජනරජයේ තානාපති
    Mr. Juan Antonio March Pujol
    යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ ස්පාඤ්ඤ රාජධානියේ තානාපති
    Mr. Raymond Serge Bale
    රේමන්ඩ් සර්ගේ බලේ මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ කොංගෝ ජනරජයේ තානාපති
    Mr. Munyiri Peter Maina
    මුනියිරි පීටර් මයිනා මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ කෙන්යා ජනරජයේ මහ කොමසාරිස්
    Mr. Alassane Conte
    ඇලසාන් කොන්ටෙ මහතා – නවදිල්ලියේ පිහිටි කාර්යාලයේ ගිනියා ජනරජයේ තානාපති