
පොලොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක ඊයේ (08) සවස 6.00ට පමණ ආරක්ෂකයකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද සුසිරිගම අංක 113 ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියකු වන 53 වියති ඩබ්ලිව්.ඩී.ජී. අනුර විජේසිංහ යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඔහු රාජකාරිය අවසන් කිරීම සඳහා රිපිටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබූ පතරොමක් ඉවත් කිරීමට බට කොටස බිම ගසා තිබේ.
එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී ආරක්ෂකයාගේ පපු ප්‍රදේශයට වැදී ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය බැංකුව පාර්ශ්වයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
(මනම්පිටිය - නිමල් ජයරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval