
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එමෙන්ම කිසිම රටකින් අලුතින් ණය ගැනීමක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එලෙස අලුතින් මුදල් අච්චු ගසන්නට මහ බැංකු පනත යටතේ අවසර නැති බව කී අමාත්‍යවරයා හොරෙන් මුදල් අච්චු ගහන්නට හැකියාවක් නැති බව කීය.
එලෙස මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් එය කළ යුත්තේ නව මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ අත්සනින් බව කී කැබිනට් ප්‍රකාශකවරයා මුදල් අච්චු ගැසුවේ නම් ජනතාවට එය දකින්නට ලැබෙනු ඇති බව සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත හේරත් මහතා මේ බව කීය.
මෙම ප්‍රකාශයට හේතුවූයේ පසුගිය දිනවල සජබ මැතිවරණ අපේක්ෂිකා රෝහිණී කවිරත්න මහත්මිය මාධය වෙත පළ කළ ලිපියකි. ඇය එමගින් ඉහත චෝදනා නගා තිබුණි.
එම ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval