
අරලියගහ මන්දිරයට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගර සභාව විසින් පෙරේදා (11) ඉවත් කරනු ලැබීය.
ආරක්ෂක හේතු මත යැයි පවසා 2005 වසරේ සිට වසර 19 ක කාලයක් වසා දමා තිබූ අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ද මීට දින කීපයකට ඉහත දී මහජනතාව සඳහා යළි විවෘත කෙරිණි.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් දී ඇත.
මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන්ය.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

Comments
Post a Comment
Your comment will be visible after approval