
සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වින්සන්ට් පෙරේරා මහතා දිවුරුම් දී ඇත
සීෂෙල්ස් රාජ්‍යයේ මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, ඊයේ (16 ) රාජ්‍ය මන්දිරයේදී වින්සන්ට් පෙරේරා මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ උපත ලද වින්සන්ට් පෙරේරා මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ඊට අමතරව, ඔහු ෆීජි රාජ්‍යයේ නීතිඥවරයෙකු හා සොලිසිටර්වරයෙකු ලෙසද සේවය කර ඇති අතර, සිංගප්පූරුවේ සමථ මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවෙකු ලෙසද සුදුසුකම් ලබා ඇත.
සීෂෙල්ස් රාජ්‍යයේ නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර, වින්සන්ට් පෙරේරා මහතා එරට නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval