
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා ඊයේ (20) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
ඒ මහතා සමග සමග දූත පිරිස ලෙස තවත් 09 දෙනෙක් ද පැමිණ සිටියහ. ඔවුහු සියරාලියෝන් රාජ්‍යයට අයත් 9 එච්.වී.11 දරන ගුවන් යානයෙන් ඊයේ (20) සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
( ටී.කේ.ජී. කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval