
පාස්කු විමර්ශන වාර්තා ළඟ තබාගෙන උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා රංගනයක යෙදෙමින් සිටින බවත්, එය සාර්ථක ද, අසාර්ථක ද යන්න ඉදිරියේදී බලා ගත හැකි බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද පාස්කු විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමේ සිද්ධිය පිළිබඳව පෙරේදා (22) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද කීහ.
"අත්තෙන් අත්තට පනින අයට පිස්සු හැදිලා. පාස්කු. පාස්කු. හැමෝම මේ ගැන කෑගහනවා. මේ නිසා ඒ මිනිසුන්ට නිවන් යන්න පුළුවන් වෙයිද? දැන් ගම්මන්පිල කියනවා, එයා ගාව අවශ්‍ය ලේඛන තියෙනවලු. ඇයි රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ මේවා නොකිව්වේ. මේ අය නැවත පාර්ලිමේන්තුට ගියොත් වෙන්නේ විනාශයක්. ගම්මන්පිලට කියනවා මාරාන්තික උපවාසයක් කරන්න කියලා. ගම්මන්පිල කරන්නේ රංගනයක්. මේ රංගනය පිටිපස්සේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. මෙහෙයවන කණ්ඩායමක් අනිවාර්යයෙන් ඉන්නවා. අපි බලමු රංගනය සාර්ථක ද නැද්ද කියලා. අසාර්ථක වුණොත් ගල් ගහාවි."
(සුභාෂිණී සේනානායක)
Comments
Post a Comment
Your comment will be visible after approval