
නිවෙසක් කොල්ල කෑමට පැමිණි අයකු විසින් ඊයේ (22) පෙරවරුවේ නිවෙස් හිමියා ඝාතනය කර කෙසෙල් පඳුරක් අස්සේ සඟවා රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප කොල්ලකා කොල්ලකා පලා ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජුවන්දර කංකානම්ගේගේ දෝන ඩීමන් ජයරත්න නමැති 77 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා පෞද්ගලික ආයතනයක සේවය කර බිරිය සමඟ විවේකීව නිවෙසේ රැදී සිට ඇති අතර සිද්ධි වු දිනයේ ඊයේ (21) බිරිය රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවෙසේ නොමැති බවටත්, නිවෙසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය ඇතුළු භාණ්ඩ සොරකම් කර ඇති බවටත් බිරිය විසින් පැමිණිල්ලක් කර ඇති බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වැඩිදුරටත් සොයාබැලීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අස්සේ සඟවා තිබූ මළසිරුර ඊයේ උදෑසන හමු වූ බව ද පොලිසිය සඳහන් කරයි.
පානදුර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ, පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval