දහසය හැවිරිදි පාසල් සිසුවකු යොදාගෙන කළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරමක් එම පාසලේ ශිෂ්‍ය නායකයන්ගේ විමසිල්ල හේතුවෙන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.ඒ අනුව සැකකාර පාසල් සිසුවා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සහ රුපියල් 8000/= ක මුදලක් ද ජාවාරම්කරු සන්තකයේ තිබී හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2100 ක් කූ පොලිස් භාරයට ගෙන ඇත.
විදුහල්පතිවරයාගේ උපදෙස් මත සෑම සිසුවකුගේම පාසල් බෑග් පාසල තුළට ඇතුළුවීමට පෙර දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ශිෂ්‍ය නායකයන් කටයුතු කර තිබූ අතර එලෙස පරීක්ෂා කිරීමේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුගේ ගමන් පාසල් බෑගයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් මෙන්ම රුපියල් 8000/= ක මුදලක් සොයා ගැනීමට හැකි වී ඇත.
ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විශේෂ විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් සිදුකර සිසුවා ලවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදුකරන ජාවාරම්කරු හඳුනාගෙන හොරණ වවුලුගල ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මෙම සැකකරු පාසල් සිසුවා ද මත්ද්‍රව්‍ය වලට හුරු කර ඔහු ලවා විවිධ පුද්ගලයන්හට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇතැයි ද ඒ් වෙනුවෙන් සිසුවාට නොමිලේ මත්ද්‍රව්‍ය පැකට් දී ඇතැයි ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. සැකකාර සිසුවා තවත් සිසුන් මෙම මත්ද්‍රව්‍යවලට හුරු කර ඇත්ද යන්න සොයා විශේෂ විමර්ශනයක් ද කරන බව පොලිසිය පැවැසීය.
මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කිරීමට නියමිතය. 16 හැවිරිදි පාසල් සිසුවා සහ 22 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
0 Comments