
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරයකදී පිළිස්සුම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 වියැති සිසුවියන් හත් දෙනෙකි.පීෂ්ඨය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් කරන අතරතුරදී ඉන් නැගුණු ගිනි දැල්ලකින් දැරියන් පිලිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ.පාසල් සිසුවියන්ගේ මුහුණ, හිස, අත්වල පිලිස්සුම් සිදුවී ඇති බවත්, ඔවුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
( සුමිත් පොතුපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval