
න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් බිහි කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන ජපානයේ නිහොන් හිඩන්ක්යෝ සංවිධානයට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර 1945 දී අමෙරිකාව විසින් ජපානයට හෙළූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවි බේරාගත් දහස් සංඛ්‍යාත පිරිසක් නියෝජනය කරන එම ජාතික තලයේ සංවිධානය න්‍යෂ්ටික අවිආයුවලින් තොර ලෝකයක් බිහි කිරීම සඳහා ගන්නා උත්සාහය වෙනුවෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් ත්‍යාග පිරිනැමීමේ නිල සංවිධානය වන ස්වීඩනයේ රාජකීය විද්‍යායතනය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
නොබෙල් සාම ත්‍යාගය නිහොන් හිඩන්ක්යෝ සංවිධානයට හිමිවීම ජපානයේ නව අගමැති ෂිගේරු ඉෂිබාගේ ද පැසසුමට ලක්වී ඇති අතර, එය අතිශයින්ම අර්ථාන්විත තෝරා ගැනීමක් බව අගමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval