
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 5 වන පන්තියේ ඉගෙනුම ලබන නෙවිතු අබේකෝන් සිසුවා ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින්නෙකි. ඔහුගේ රෝගය සුවපත් කිරීම සඳහා ඉන්දියාවේ බැංගලෝරයේ එච්සීජී පිළිකා රෝහලේ සිදුකරන්නට අවශ්‍ය සැත්කම සඳහා මාස 2 ක් තුළ මිලියන 50 ක මුදලක් අවශ්‍ය වී තිබේ.
මේ වෙනුවෙන් ගේට්වේ ජාත්‍යන්තර පාසල මැදිහත්වීමෙන් විවිධ උපකාර වැඩසටහන් සංවිධානය කරන අතර ලබන 6 වන ඉරිදා පස්වරු 12 සිට 5 දක්වා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් රාජගිරිය ගේට්වේ පාසල් භූමියේ වාහන වින්ඩ්සික්‍රීන් සේදීමේ ව්‍යාපෘතියක් පාසල සමග එක්ව චැඩ් සහ ජෙඩ් විසින් සංවිධානය කරනු ලැබ තිබේ.
එයට දායකවී සිසු ජීවිතය බේරාගන්නට උපකාර වන ලෙස සංවිධායකයින් ඉල්ලා තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval