
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් ඊයේ (14) අභාවප්‍රාප්ත වී තිබෙන අතර මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.
හෙතෙම මෙරට රාජකාරී කරන සමයේ පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාර නොගන්නා ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම හේතුකොටගෙන මහත් ආන්දෝලනයක් මතුවූ අතර ඔහුගේ නම ඒ ආකාරයට වඩාත් කථාබහට ලක්ව තිබුණි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය.රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් සිටියදී මෙම අනතුර සිදුවිය.
ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්වන අතර, බිරිඳ නීතිඥවරියකි.
ඔහුගේ වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සදහා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඔහු අවසන් වරට මෙරටට පැමිණ ඇත.
ඔහුගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval