
මාලබේ තුන්අදහේන ප්‍රදේශයේ 12 හැවිරිදි පාසල් සිසුවකුට අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු අදාළ පාසල් සිසුවාගේ නිවස ආසන්නයේම පදිංචිකරුවකු වන පෙදරේරුවකු වන බවත් මෙම පාසල් සිසුවාට මාස හයක පමණ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද පොලිසිය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය මගින් නවගමුව පොලිසියට කළ දැනුම්දීමක් මත මේ පිළිබඳව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පෙදරේරුවෙකි.
වින්දිත පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර සිදු කළ පරීක්ෂාවේදී එම සිසුවා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකාර පෙදරේරුවා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
( කේ. බුද්ධික කුමාරසිරි)
Comments
Post a Comment
Your comment will be visible after approval