
අනවසරෙන් විදුලි රැහනක් ඇද තේ වත්තේ සැරිසැරූ හඳුන්දිවියෙකු ඝාතනයකර වළ දැමූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් හැටන් පොලිසියේ සහය ඇතිව හඳුන්දිවියාගේ සිරුර ඊයේ (22) දින ගොඩගත් බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන අඩවි ආරක්ෂක ආර්.එම්.පී.ඩී. රත්නායක මහතා පැවසීය.
හැටන් ඇබොස්ලි වතුයායේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ විශාල එළවළු වත්තකට අනවසරෙන් විදුලිය රැහන් ඇද තිබියදී හඳුන්දිවියා (21) දින එම විදුලි රැහැනේ පැටලී මියගොස් ඇත. එම එළවළු වත්තේ හිමිකරු විසින් මියගිය හඳුන්දිවියාගේ සිරුර නිෙවස අසල පිහිටි වත්තේ ඉඩමක වළ දැමීමට කටයුතු කර තිබේ.
සැකකරු එළුවන් සහ කුකුල් ගොවිපොළක් පවත්වාගෙන යන බවත්,
හඳුන්දිවියා කුකුළන් දඩයම් කිරීම සඳහා පැමිණෙන නිසා හඳුන්දිවියාගෙන් කුකුළන් සහ එළුවන් බේරාගැනීමට සැකකරු වගා භූමියේ විදුලි රැහැන් ඇද ඇති බවට වනජීවී නිලධාරීන් සැකකරයි.
අවු 04ක් පමණ වයසැති හඳුන්දිවියාගේ සිරුර හැටන් මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවත්, සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් වනජීවී නිලධාරීන් කියා සිටියේය.
(හැටන් - රංජිත් රාජපක්ෂ)
Comments
Post a Comment
Your comment will be visible after approval