
මුලතිව් නගරයේ දුරකතන අලුත්වැඩියා කිරීමේ වෙළෙඳසලකට තරුණියක් සිය දුරකතනය ලබාදීමෙන් පසුව ඇයට අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ එවමින් විවිධ තර්ජන එල්ල කරන බවට එම තරුණිය පෙරේදා (22) මුලතිව් පොලිසියට පැමිණිලි කොට තිබේ.
එම දුරකතනය අලුත්වැඩියා කිරීම පිණිස ලබාදීමෙන් පසුව දුරකතනයේ අඩංගු වී තිබුණු ඡායාරූප, වීඩියෝ හා වටිනා තොරතුරු රැසක් අස්ථානගත වී ඇති අතර තමන්ගේ ඡායාරූපවලට වෙනත් අයගේ ඡායාරූප බද්ධ කොට අසභ්‍ය ලෙස සකස් කළ ඡායාරූප හා වීඩියෝ තමන් වෙත එවන බව එම තරුණිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි. තරුණිය මේ සම්බන්ධයෙන් දුරකතන අලුත්වැඩියා කරන වෙළෙඳසල වෙත ගොස් තොරතුරු විමසා සිටීමේදී ඔවුන් කිසිවෙක් මේ ගැන නොදන්නා බව තරුණියට ප්‍රකාශ කොට තිබේ. මුලතිව් පොලිසිය පැමිණිල්ල කළ තරුණියගේ ජංගම දුරකතනය සිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
(රසුල දිල්හාර ගමගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval