
දහවෙනි වසරේ ඉගෙනුම ලබන තම පාසල් පෙම්වතිය හමුවීමට ඇයගේ ගමට ගිය එකොළහ වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් විසින් පහර දීමෙන් එම පාසල් සිසුවා ඝාතනය කර ඇති බව මාතලේ මහවෙල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාතලේ මඩවල උල්පත නාලන්දවත්තේ පදිංචි වයස අවුරුදු (17)ක එකොළහ වසරේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නැමැති පාසල් සිසුවෙකි.
මරණයට පත් වූ පාසල් සිසුවාගේ පෙම්වතිය හමුවීම සඳහා අදාළ පාසල් සිසුවා ඇයගේ ගමට ඊයේ (01) හවස 5.30 ට පමණ ගමන් කරමින් සිටියදී ගොඩවෙල බුදු මැදුර අසලදී කිසියම් පිරිසක් විසින් ඔහුට පහර දීමෙන් බිම ඇද වැටී සිටි සිසුවා එම ප්‍රදේශයේම පිරිසක් විසින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත වාහනයකින් රැගෙන ගොස් තිබුණි.
එම පාසල් සිසුවා රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදී බරපතල ලෙස තුවාල ලබා මරණයට පත්ව ඇති බව මාතලේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
සිද්ධියට සම්බන්ධයෙන් අදාල සිද්ධියට සම්බන්ධ පාසල් සිසුවියගේ පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ මහවෙල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval