
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි දැක්වෙන්නේ, මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවයි.
කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එළැඹෙන 21 වෙනි සඳුදා නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Comments
Post a Comment
Your comment will be visible after approval