
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ හදිසි අලුත් වැඩියාවක් කිරීමට ඇති හෙයින් ඉන් ඉවත්වන ලෙසට මෙසේ දැනුම් දුන් බව, මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පාර්ලිමේන්තු නිලධාරියකු සඳහන් කළේය.
මේ අනුව මන්ත්‍රීවරුන් හය දෙනෙකු දැනට ඉන් ඉවත්ව ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ ඇති අතර සෙසු නිවාස වල පදිංචිව සිටින්නේ, ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.
අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාදීමට සිදුවන හෙයින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval