
මිරිහාන පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගෙන තිබේ.
මිරිහාන, ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක මෙම රථය ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන පරීක්ෂණයක් සිදුකර ඇත.
එහිදී සොයාගත් රථයේ ලියාපදිංචි අංක තහඩු හා යතුරු කිසිවක් නොතිබූ බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම රථය ඔවුන්ගේ මෑතකදී මියගිය පෞද්ගලික ලේකම්වරයා විසින් ගරාජයේ තැන්පත් කර තිබූ බවයි.
පොලීසිය විසින් අධික වෙහෙසක් දරා රථය මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර, අධිකරණ නියෝග මත රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනු ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිරිහාන පොලීසිය විසින් සිදු කරමින් පවතී.

Comments
Post a Comment
Your comment will be visible after approval