
ජා ඇල, කුඩහකපොල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (16) දහවල් 12.30 ට පමණ අනතුරක් සිදුව තිබෙන අතර වාහනයක් හැපුණත් ජීවිත අනතුරක් සිදුව නැත.
රථයේ රියැදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් පැමිණෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි රියැදුරා පමණක් සිට ඇති අතර අනතුරින් ඔහුට හානියක් සිදුව නැතත් වාහනයට අලාබහානි සිදුව ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval