
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි සිසුවෙක් අද (23) අළුයම එම ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට බිමට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිසුවා බිමට වැටීමෙන් අනතුරුව ඉක්මනින් ඔහුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ, එම විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන බී.බී.ආර් බණ්ඩාර නමැති සිසුවෙකි.
එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිටි බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval