
ජිවිත ආරක්ෂාව සදහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම ගයේ ගිනි අවි සහ පතුරම් නැවත ර ගැනීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ගිනි අවි සහ ඒ සඳහා කුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන මස 7 වැනිදාට පෙර බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.
එදිනට පෙර ගිනි අවි බාර දීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
(සුජිත් හේවාජුලිගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval