
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙයි. ඊයේ (26) පැවති ඡන්ද විමසීමේදී ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් දිනා ගත් ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17 295 කි.
- ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 15යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295
- සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597යි
- පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612
- ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568
- පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350
- ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521
- දෙවන පරපුර සහ ජනසෙත පෙරමුණට මන්ත්‍රී ධුර නැත.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි නිශාන්ත පෙරේරා ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ අතර ඔහුට සභාපති ධූරය ලැබීමට වැඩි ඉඩක් පවතී.
පක්ෂයෙන් තේරී පත්ව ඇති අනෙක් සභිකයන් 14 දෙනාම නවකයන් වීම විශේෂිතය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබුණි.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව55 643 කි.ඉන් ඡන්ද දායකයින් 36 825 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 520 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval