
කෑමට ගෙනයන ලද බිත්තර රොටියක් තුළ කුඩා ගොළුබෙල්ලෙක් සිටිම නිසා එය මිලදී ගත් කඩ හිමියාට නැවත ගෙනවිත් දීමෙන් පසුව දෙපිරිස අතර ඇතිවු පහරදීමක් මත තිදෙනෙකු පෙරේදා 20වැනිදා අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලීසිය සඳහන් කරයි.
හෝටල හිමියෙකු වන රත්නපුර නව නගරයේ පදිංචි 18 හැවිරිදි අයෙක් සහ මස්කෙළියේ පදිංචි 35, ගොලුවාව්ල පදිංචි 17 හැවිරිදි අයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. රත්නපුර, වෙරලුප ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් තම දරුවාට ආහාරයට බිත්තර රොටියක් ගෙන යන ලද පියෙකු බිරිඳට එය දීමෙන් පසුව බිත්තර රොටි පාර්සලය දිග හැර දරුවාට ලබා දී තිබේ.
මෙහිදී බිත්තර රොටියේ කුඩා මස් කැබැල්ලක් තිබෙන බව දරුවාගේ පියාට පවසා විමසිල්ලෙන් තව දුරටත් බැලූ විට බිත්තර රොටියේ සිට ඇත්තේ කුඩා ගොළු බෙල්ලෙක් බව හඳුනාගෙන තිබේ.පසුව තම දරුවාත් බිරිඳ සහ පුරුෂයා බිත්තර රොටිය මිලදී ගත් හෝටල් හිමියාට මෙය ගෙනවිත් පෙන්වා ඇතත් එය පිළිගෙන නොමැති බවත් පසුව දෙපිරිස අතර ඇතිවු බහින් බස් වීමක් දුරදිග ගොස් පහරදීම සිදු කර ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධව ලැබුණු පැමිණිල්ල මත දෙපිරිසම අත් අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රත්නපුර මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර පක්ෂණ සිදු කරයි.
(එස්.ක්‍රමසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval