
හිරු නාලිකාවේ දේශපාලන වැඩසටහන් මෙහෙයවන හා යූටියුබ් නාලිකා පවත්වා යන ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ අසුනක් වෙනුවෙන් තරග වදින බවට ඔහුගේ නමින් යුතු ෆේස්බුක් ගිණුමකින් ප්‍රචාරයක් සිදුකර තිබූ අතර එය උපුටමින් මෙම පුවත ඇතැම් මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
නමුත් අද ((7) සිය නිල ෆේස්බුක් ගිණුම මගින් චමුදිත එම පුවත බොරුවක් බව කියා තිබේ. ඔහු මෙසේ ලියා ඇත.
"මේ දිනවල සමාජ මාධ්‍යයේ පැතිර යන මම මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය එකක් වන අතර කිසි විටෙක දේශපාලනයට සම්බන්ධ වීමට හෝ මැතිවරණයන්ට ඉදිරිපත් වීමට අදහස් නොකරමි."

Comments
Post a Comment
Your comment will be visible after approval