පියා සමග කුඹුරේ කටයුතු කරමින් සිට පැළ වූ වී ගෙන ඒමට නිවසට ගිය පුතා කුඹුරු යායේ ඇළක් අසල වැටී මිය ගොස් සිටියදී සොයා ගත් බවද කොටදෙනියාව පොලීසිය සඳහන් කරයි.
මීරිගම, ඉහළ කළුඅග්ගල, පදිංචිව සිටි තුසිත සම්පත් හෙට්ටිආරච්චි (38) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.හෙතෙම පෙරේදා 9 වැනිදා පෙරවරුවේ සිට පියා සමග කුඹුරේ වැඩ කරමින් සිට ඇතැයි ද පස්වරුවේ කුඹුර වැපිරීමට පැළ කරන ලද වී ගෙන ඒම නිවසට ගොස් ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
නිවසට ගිය සිය පුතා පැය කිහිපයක් ගත වුවද ආපසු නොපැමිණීම නිසා පියා කළ සොයා බැලීමේ දී ඔහුගේ සිරුර ඇළ මාර්ගයක් අසල වැටී තිබෙනු දැක ඇත.
ඒ වන විටද තරුණයා මරණයට පත්ව සිටි බවත් පසුව සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිලි කර මූලික පරීක්ෂණවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවද පොලීසිය සඳහන් කරයි.
මීරිගම - කාන්ති

Comments
Post a Comment
Your comment will be visible after approval