
අරුගම්බේ ප්‍රදේශයට රජය ආරක්ෂාව සලසා ඇතත් එහි රැදී සිටින විදේශිකයන් විශාල පිරිසක් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බව අරුගම්බේ හෝටල් හිමියෝ පවසති.මේ වන විට විදේශිකයන් කිහිප දෙනකු හැර අනෙක් සියලු දෙනාම පිටව ගොස් ඇත. එමෙන්ම අරුගම්බේ සංචාරක කලාපයට පැමිණීමට සිටි විදේශිකයන් ඔවුන්
වෙන්කරගෙන තිබූ හෝටල් අවලංගු කර ඇති බව මේ විශ්රා හෝටලයේ හිමිකරු ගැමුණු පෙරේරා මහතා පැවසීය.
විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉතාම අඩු වී ඇති අතර නගරයේ සියලුම අවන්හල් පාළුවට ගොස් තිබේ.ආරක්ෂක විධිවිධාන තර කර ඇති අතර යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය, නාවික හමුදාව ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා ඇත. අරුගම්බේ ඉතා සාමකාමී වාතාවරණයක් පවතින නිසා එහි පැමිණ විනෝද වන මෙන් විදේශීය සහ දේශීය සංචාරකයන්ගෙන් අරුගම්බේ හෝටල් හිමියෝ ඉල්ලා සිටිති.
(වසන්ත චන්ද්‍රපාල අරුගම්බේ සිට)
Comments
Post a Comment
Your comment will be visible after approval