
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති “3 වැනි සිලෝන් අන්තර් ජාතික සිනමා උළෙලේ” හොදම නළුවා ලෙස අඛිල ධනුද්ධර හා හොදම සංගීත අධ්‍යක්ෂණය ලෙස මහාචාරිය සමන් පනාපිටිය අන්තර්ජාතික ජූරිය පිරිනැමූ ප්‍රධාන සම්මාන ද්විත්වය හිමිකරගත්හ.ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා රචනා කර අධ්‍යක්ෂණය කළ "සිංහබාහු” චිත්‍රපටය වෙනුවෙනි.
මෙවර මෙම සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන 7ක් සඳහා “සිංහබාහු" චිත්‍රපටය නිර්දේශ වී තිබිණි. ඒ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය හොඳම සංගීතය, හොඳම සංස්කරණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා හා හොඳම සහාය නිළිය යන සම්මාන 7ටය. '' සිංහබාහු'' චිත්‍රපටය ගාමිණී වික්‍රමසිංහ රේණුකා බාලසූරිය ගේ නිෂ්පාදනයකි. ''සිංහබාහු” චිත්‍රපටය 19 වැනිදා නයිජිරියාවේ ‘පැවැත්වෙන බයොල්සා අන්තර් ජාතික සිනමා උළෙලේ'' ජූරියේ ප්‍රධාන සම්මාන 9කටද නිර්දේශ වී තිබේ.
(සමන්ත යහම්පත්)
Comments
Post a Comment
Your comment will be visible after approval