
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇප මත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් ත්ල්දූව නිව්ස්වයර් වෙත කියා සිටියේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඊයේ පොලිස් භාරයට ගන්නා විට යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සිටි බවයි.
ඉදිරි මහ මැතිවරණයට අදාළ අත්පත්‍රිකා බෙදා හැරීමේ සිද්ධියකට අදාළ දේශපාලනඥයා අත්අඩංගුවට ගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ රෙගුලාසිවලට අනුව අපේක්ෂකයින්ටම එවැනි ප්‍රචාරක කටයුතුවලට සහභාගී විය නොහැකි බව සඳහන් කළ ඔහු, පොන්නම්බලම් පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිටින බවට අනාවරණය වී ඇති බව පැවසීය.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මුලින් රඳවාගෙන පසුව ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval