
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව ආගමන හා විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ ඔහුව ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත. මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ කිහිපයකට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැල්ලේ සාරංග මෙරට පොලීසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකි.
විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකුද මේ වන විටත් හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි
Comments
Post a Comment
Your comment will be visible after approval