
වැදි ප්‍රජාවට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලැබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.
ඒ රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු දෙමිනි
ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval