
දැනට ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වීසා ගැටළුව නිසා මෙරට පැමිණෙන, පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් දැඩි අපහසුවට පත්වී තිබෙනවා . පැය ගණනාවක් දිගු පෝලිම් වල සිටීමට සිදු වීම , ඔන්ලයින් මගින් අවශ්‍ය සේවා ලබා ගැනීමට නොහැකි වීම වැනි කුඩා දේවල් පවා නිසි ලෙස සිදු කර ගත නොහැකි වීමෙන්
මේ දිනවල ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වේගයෙන් පහළ යමින් පවතිනවා . මේ නිසා දකුණු පලාතේ සංචාරක කර්මාන්තයේ නියැලෙන අයගේ ආදායම් ඉදිරියේදී බරපතල ලෙස අඩු වෙන ලකුණු පහළ වෙමින් පවතිනවා .ශ්‍රී ලංකාවට සංචාරකයන් බහුලව පැමිණෙන කාල වකවානුව ඇරඹීමත් සමගම
ඔඩු දුවා ඇති වීසා ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තයේ නියැලෙන සැමගේ ආර්ථිකය කඩා වැටීමකට ලක්වීමේ අවදානමකට පත් වී තිබෙනවා .පවතින රජයේ මෙම ප්‍රාථමික සේවා සැපයීම සම්බන්ධයෙන් විදේශිකයන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල කර සිටියා .
(on arrival) ලබා ගැනීමේ පහසුකම් සැලසීමට පියවර ගැනීමට තවමත් නොහැකි වීම. පෙර පැවති තත්ත්වයට සමාන වන ආකාරයේ මාර්ග ගත ක්‍රමයට වීසා අයැදුම් කිරීමට කටයුතු නොකිරීම වැනි අදූරදර්ශී ක්‍රියාවන් නිසා ලෝකයේ සංචාරකයන්ට සුදුසුම රටවල් අතරින් එකක් වූ ශ්‍රී ලංකාව මේ වන විට සංචාරකයන්ට මහා අවුල්ජාලාවක් ඇති කරන රටවල් අතරින් එකක් බවට පත් වීම කොයි තරම් අවාසනාවක් ද ?
Comments
Post a Comment
Your comment will be visible after approval