
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අද (සැප්. 10) අත්අඩංගුවට ගෙන තිබේ.
නිදහස් අධ්‍යාපනය විනාශ කරන, අධ්‍යාපනය විකුණන “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති” බොරුව ඉවත් කර ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද පැවැත්වූ විරෝධතාවය මැතිවරණ කොමිසම විසින් විසුරුවන්නට කටයුතු කරනු ලැබ ඇත.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්විණි.
මෙම විරෝධතාවය ප්‍රථමයෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටිමින් සිදු කළ නමුත් විරෝධතාකරුවන් ගාලුමුවදොර ප්‍රදේශයට ගමන් කිරිමට උත්සහ කිරිමේදී පොලිසිය විසින් විරෝධතාකරුවන් නතර කරන ලදී.
කොටුව දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ආසනයේදී පොලිස් මාර්ග බාධක හා කදුළු ගෑස් රථ යොදා ගෙන මාර්ගය අවහිර කිරිමට පොලිසිය කටයුතු කළ අතර එම ස්ථානයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් හා කැරලි මර්ධන නිලධාරින් අනුයුක්ත කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval