
ජනාධිපති මන්දිරය අසළ ඇති ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව මෙම මාර්ගය විවෘත කරන බවයි.
ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව හේතුවෙන් මීට පෙර මෙම මාර්ග දෙක වාහන ගමනාගමනය සඳහා මහජනතාවට විවෘත කර නොතිබිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval