
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වූයේය.හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 59 වන වියේ පසුවිය.
ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැහැදිලි නිරවුල් හඩින් ඉදිරිපත් කළ සුජීව ප්‍රකට වෙළෙඳ දැන්වීම් සඳහාද සිය හඬ සැපයීය.
මාතර ඉපදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද
ඔහු මුලින් රුහුණු සේවයේ සේවය කර පසුව කොළඹ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේය.
අවස්ථා කිහිපයකදීම ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙන් සම්මානයට පාත්‍ර විය.
ඔහු ගීත කිහිපයක්ද රචනා කළ අයෙකි.
සුජීව හරිස්චන්ද්‍ර මහතාගේ දේහය හෙට උදෑසන 10 සිට බොරැල්ල ඒ එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තැබෙන බවත්
දේහය පස්වරු දෙකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ඒමට නියමිත බවත් වාර්තා විය.
දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (10) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
සුජීව හරිස්චන්ද්‍ර මහතා ප්‍රවෘත්ති හා දැන්වීම් ඉදිරිපත් කළ ආකාරය ඔහු අන්තර්ජාල නාලිකාවකදී වරක් මෙසේ පැවසීය. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval