
උදෑසන ආහාර ගැනීමෙන් පසු පාසල් භූමියේ සවිකර ඇති පානීය ජල පිරිපහදුවකින් ජලය පානය කළ තණමල්විල, කිවුල්ආර විද්‍යාලයේ සිසුන් 20 දෙනකු හා ගුරුවරියක් අසාත්මිකතාවක් හේතුවෙන් පෙරේදා (11දා) රෝහල්ගත කර ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
මෙම සිසුන් පාසල් විවේක කාලය තුළ උදෑසන ආහාර ගැනීමෙන් පසුව පාසලේ සවිකර ඇති ජල පිරිපහදුවකින් වතුර පානය කර ඇති බවත් පාසල් සිසුන් හා පාසලේ එක් ගුරුවරියක් කිසියම් අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කළේ ඉන් අනතුරුව බවත් කිවුලආර විද්‍යාලයේ ගුරුවරයකු අප කළ විමසීමකදී පැවැසීය.
මෙම ජලය පානය කළ පිරිස රෝගාතුර වීමෙන් පසුව පාසල් බලධාරීන් විසින් එම ජල ටැංකිය පරීක්ෂා කර ඇති අතර එහිදී එම වතුර ටැංකිය තුළ මීයකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
කෙසේ නමුත් මෙම අසාත්මිකතාවට හේතුව වතුර ටැංකිය තුළ මීයකු මියගොස් තිබියදී එම ජලය පානය කිරීමද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ නමුත් මෙම අසාත්මිකතාව හේතුවෙන් රෝහල්ගත කළ කිසිවකුගේ තත්ත්වය බරපතළ නොවන බව තණමල්විල පොලිසිය පවසයි. මොනරාගල කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත තණමල්විල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
(මොනරාගල – සංජීව බණ්ඩාර)
Comments
Post a Comment
Your comment will be visible after approval