
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරීවරයා එක්ව එම වෙඩි තැබීම සැලසුම් තිබූ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුට බාරදී විදේශගත වී තිබුණි.
ඒ අනුව එම සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපොළින් නැවත මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණේ අනුරාධපුර, ගුවන්තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිටදීය. ඒ ඉකුත් වසරේ සැප්තැම්බර් මස දිනකදී ය. එහිදී ඔහුගේ මෝටර් රථයට සුළු හානි සිදුව තිබූ අතර උද්දික ප්‍රේමරත්න මහතාට කිසිදු හානියක් සිදුවී නොතිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval