
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලයිස්තුව හරහා මන්ත්‍රී ධුරයක් ලබා නොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
අද (24) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයට එක්ව තරග කරන ලෙස සමගි ජන සන්ධානයට හා අනෙක් පක්ෂ වලට ආරාධනා කරන බවය.
පැය කිහිපයක් තුළ එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට අනෙක් ප්‍රධාන කන්ඩායම් දෙක වන සජබ ය හා පොහොට්ටුව කටයුතු කර තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සිය ක්‍රියාකාරී දේශපාලන දිවියෙන් විශ්‍රාම ගෙන ඇති බව පෙන්නුම් කරයි.
මේ අනුව රනිල් වෙත වෙනත් පක්ෂ වලින් එක්වූ පිරිසට නායකත්වයක් ලබාදෙන්නේ කවුරුද යන්න අපැහැදිලි වී තිබෙන අතර පොහොට්ටුවෙන් හා සජබයෙන් රනිල් වෙත ජනපතිවරණයේදී එක්වූ පිරිස දේශපාලන වශයෙන් අවිනිශ්චිත තත්වයකට පත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval