
ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතාව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කළේය.
ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත වෙදමුල්ල පේරාදණිය හා කොළඹ විශ්ව විදයාල වලින් පළමු හා දෙවන උපාධි සම්පූර්ණ කර ඇත. මෙවනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරමින් සිටී.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අකුණ , විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක නිෂ්පාදකයා වන්නේද ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතායි .
Comments
Post a Comment
Your comment will be visible after approval