
හිසකෙස් සැකසීමට යාමේදී ගල්වන ලද ආලේපනයක් හේතුවෙන්, කාන්තාවකගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධියට සම්බන්ධ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අත්අඩංගුවට ගැනීම ඇතුළු විමර්ශන කටයුතු සිදු කරන
මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන්ට,පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වන අයෙකු දුරකථන ඇමතුම් ලබාදෙමින් දැඩි බලපෑම් සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය ඊයේ (18දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
තමන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා විසින් දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබාදෙමින් මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන්ට, මෙම රූපලාවන්‍යාගාරයේ සිදුවීම හා එහි හිමිකාර කාන්තාව පිළිබඳව සිදුකරන පොලිස් විමර්ශන සිදුනොකරන ලෙසට බලපෑම් කරන බව පොලීසිය එහිදී අධිකරණයට දැන්වීය.මෙම අවස්ථාවේදී පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය මෙම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළාය.
( කීර්ති ප්‍රනාන්දු)
Comments
Post a Comment
Your comment will be visible after approval