
සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ පුවතක් ඊයේ (07) මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී ඇති බවත් පසුගිය 06 වනදා රාත්‍රී කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමියා විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙයි.
ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.
මෘත ශරීර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර අනුරාධපුර රෝහලේ තැන්පත් කර තිබෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval