
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 12 ක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.ඒ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
පණ්ඩුල වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් අදාළ නිවස පරීක්ෂා කොට එහි තෙවැනි මහලේ පරෙවි කූඩුවක සඟවා තිබියදී ගිනි අවිය සොයා ගෙන ඇත.ඒවන විට නිවසේ සිට ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවකු වන අතර පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
එම සිසුවාගේ පියා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවද, එම පිස්තෝලය පියා පරිහරණය කළ එකක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ද වන එම පියා ඔහුගේ බාල පුතු පාසල වෙත රැගෙන යන අතරවාරයේ එම දෙදෙනාම මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහුගේ බිරිඳ ද කකුලේ අස්ථි බිඳී යාමක් හේතුවෙන් මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියති.
මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කිර්මට පෙර ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයේ ද සේවය කර ඇති බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.චෙකොස්ලෝවෙකියාවේ නිෂ්පාදිත අදාළ පිස්තෝලය ආරක්ෂක අංශයට අයත් එකක් ද එසේත් නොමැති නම් නීතිවිරෝධී ගිනි අවියක් ද යන්න සෙවීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
Comments
Post a Comment
Your comment will be visible after approval