
කටුනායක ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ විශාලතම “කුෂ් “ ගංජා වැටලීම සිදු කරමින් රුපියල් හතළිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා ද අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් ඊයේ (26දා) උදෑසන සමත් වී තිබුණි.
මොහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක සේවා නිලධාරීවරයෙකි.
ඊයේ උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිටව යෑමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන්, මොහු නවතා
රැගෙන විත් තිබූ ගමන් මළු දෙක පරීක්ෂා කිරීමේදී කිලෝ ග්‍රෑම් 43 යි ග්‍රෑම් 648 ක් බරැති මෙම “කුෂ්” ගංජා තොගය සොයා ගෙන අත්අඩංගුවට ගැනීමට එම රේගු නිලධාරීන් සමත් වී තිබුණි.
මෙම විශාලතම “කුෂ්“ ගංජා තොගය වැටලීම නිරීක්ෂණය කිරීම
සඳහා කොළඹ සිට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා සහ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. මෙසේ අත්අඩංගුවට ගත් මෙම “කුෂ්” ගංජා තොගය සහ ඒවා මෙරටට රැගෙන ආ බි්‍රතාන්‍ය ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval