
පවුල් ආරවුලක් දුරදිග ගොස් කතුරකින් ඇන මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන සිද්ධියේ සැකකාර බෑනා ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 11 වැනි දින නියෝග කළේය. මෙලෙස නියෝග ලැබුවේ කොච්චිකඩේ, පෝරතට ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බවට මීගමුව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වන්නට විය. සැකකරු මියගිය අයගේ දුව විවාහ කරගෙන සිටින බවත් මියගිය අය විසින් තම බිරියට පහරදීමේදී ඇති වූ කතාබහක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වීමේදී වැඩිදුරටත් පවසා සිටියේය.
සිද්ධිය වූ ස්ථානයේ ඇති සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගමුව පොලිසියට නියම කර සැකකරු මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාටද මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් කර තිබේ. මීගමුව පොලිසියේ නඩු කටයුතු මෙහෙයවන අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් මලිත් ගමගේ (82528) නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළේය.
මීගමුව – ඩෙන්සිල් අපෝන්සු
Comments
Post a Comment
Your comment will be visible after approval