
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි.
2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල විය.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9 කට පහසුකම් සැලසිය හැකි බවයි.
කටුනායක ගුවන්තොටුපොළ පළමු මගී පර්යන්තයෙන් මේ වනවිට වාර්ෂිකව මිලියන 6 කට පහසුකම් සැලසෙනු ඇත.
කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමත් සමග වාර්ෂිකව මිලියන 15 ක පිරිසකට පහසුකම් සැලසීමට හැකි වන බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval