
කළුබෝවිල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි එම වෙළෙඳසැලේ හිමිකරු ට ඊයේ රාත්‍රියේ දී සිදු කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.
වෙඩිවැදීමෙන් පසු තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගිය පුද්ගලයා අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළායන අයුරු වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ බව කොහුවල පොලිසිය පවසයි.
ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.
කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval