
ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජේ.එම් විජේබණ්ඩාර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
විජේබණ්ඩාර මහතා වෙත පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන විජේබණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියක් ද, විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) (ගෞරව) උපාධියක් ද ලබා ඇත.
මීට අමතරව, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙකි.

Comments
Post a Comment
Your comment will be visible after approval