
රජයේ බුද්ධි යන්ත්රණයට හා ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වන අයුරින් පුවත් නිර්මාණය කොට
විදෙස් රටක සිට යූටියුබ් නාළිකාවක් ඔස්සේ පවත්වා යන යූටියුබ් නාලිකාවකට එරෙහිව හමුදා බුද්ධි අධ්‍යක්ෂක මගින් පැමිණිල්ලක් ගොනු කර තිබේ. අජිත් ධර්මපාල ගෙන එන ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP Police) යන යූටියුබ් නාළිකාව මෙම පැමිණිල්ලට ලක්කර තිබේ.
එම යූටියුබ් නාළිකාව හරහා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන බුද්ධි නිලධාරීන්ගේ නම් ගම් හෙළි කරමින් ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කර ඇති බවත් පවත්වාගෙන යනු ලබන අජිත් ධර්මපාල නමැත්තාට එරෙහිව හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා විසින් ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තාවේ.
මෙම යූටියුබ් නාළිකාව මඟින් ඉදිරිපත් කරනු ලබන අසත්‍ය තොරතුරු හේතුවෙන් රටේ ජාතිවාදී කලබලයක් මෙන්ම රටේ ජනතාව නොසන්සුන් කරවමින් ප්රකෝපකාරී තත්ත්වයකට පත්විය හැකි වටපිටාවක් ගොඩනැඟීමට හැකියාවක් ඇති බවත් ඒ හේතුවෙන් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හමුදා බුද්ධි අධ්යක්ෂවරයා මෙම පැමිණිල්ල ගොනු කරමින් ඉල්ලා ඇති බවත් වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval