
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැළසුම් අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල, තිත්තවැල්ලේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වෙනත් පාර්ශවයකට ලබාදී ඇතැයි අනාවරණය වීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ සවස් කාලයේදීය.
Comments
Post a Comment
Your comment will be visible after approval